Content | ශරීරයේ ඕනෑම විෂක් ඉවත් කිරීමට විශේෂිත වූ ගුණයක් ඇති සහල් වර්ගයකි. පිළිකා නාශක ගුණයකින් යුක්තයි. ඉන්සියුලින් හෝර්මෝන සෑදීමට අවශ්‍ය ක‍්‍රියාවලිය උත්තේජනය කරවයි. එබැවින් දියවැඩියාව රෝගීන්ට හා හෘද රෝගීන්
සදහාද සුදුසුය. | පච්චපෙරුමාල් ලෙස ද හැඳින්වෙන මේ සහල් බහිස‍්‍රාවී පද්ධතියේ නිරෝගී බව පවත්වා ගැනීමට ඉතා සුදුසුයි තයිරොක්සින් නිපදවීම අඩු කර ඉන්සියුලින් නිපදවීම වැඩි කරවීමට දායක වෙනවා.
මුත‍්‍රා නිපදවීමේදී වෘක්කාණු වල ප‍්‍රති අවශෝෂණ හැකියාව වැඩි කරමින් ශරීරයට අවශ්‍ය විටමින් වර්ග අධිකව ශරීරයෙන් බැහැර වීම පාලනය කරනවා. මීට අමතරව ඇට මිදුළු වල රතු රුධිර සෛල නිපදවීමට අවශ්‍ය හෝමෝන සහ එන්සයිම ස‍්‍රාවය උත්තේජනය කිරීමත් සිදු වෙනවා. සර්ප විෂ නැසීමේ හැකියාවත් පවතිනවා. | ඇල් වී ශරීරයේ විශ ඉවත් කරමින් ශරීරයේ රුධිරය වර්ධනය කරන අතර පිළිකා හා දියවැඩියාව නාශක ගුණයෙන්ද යුක්තයි. අක්මාවෙ එනසයිම ක‍්‍රියාකාරීත්වයටද ඉතා යහපත් ය. | ශරීරයේ ස්වාභාවික ප‍්‍රතිශක්තිය වැඩි කරවා ප‍්‍රජනන හැකියාව වර්ධනය කරන අතර ශරීරයේ උශ්ණත්වය ඉහල යාම පාලනය කරයි. පිලිකාකාරක ශරීරයෙන් ඉවත් කර ජාන විකෘතිතා ඇති වීම වලක්වනු ලැබේ. ශරීරයේ විශ පහ කරවයි. වාත සෙම් රෝග සදහා යෝග්‍ය වන මඩතවාලූ සහල් දියවැඩියාව රෝගයටද සුදුසුය. | අස්ථි පද්ධතියට මහත් ගුණදායක වන කුරුළුතුඩ සහලේ නිවුඞ්ඩ කාටිලේජ වලින් කැල්සියම් හරණය වළක්වන අතර ඇට මිදුළුවල ප‍්‍රතිශක්තිජනක නිපදවීමේ හැකියාව වැඩි කරවනවා. යකඩ අවශෝෂණය පහසු කරවන අතර ඇට මිදුළු වල හිමොග්ලොබින් නිපදවීමට එය පහසුවක් වෙනවා. ශරීරයේ උෂ්ණත්වය සමනය කරනවා. | මළබද්ධය සදහා වඩාත් ගුණදායි කහමාල සහලේ තන්තු ස්වභාවය හේතුවෙන් ආහාර ජීරණය හා අවශෝෂණය පහසු කර ආහාර මාර්ගයෙහි ඇති ආබාධ දුරු කරන සහල් වර්ගයක් වන අතර දියවැඩියාව රෝගීන්ටද බෙහෙවින් සුදුසුය.
හන්දි රෝග, පිළිකා රෝග, අක්මා රෝග ඇති අයටද සුදුසු වන අතර ශක්තිජනක සහලකි . |
Reviews
There are no reviews yet.